The Game ඇමෙරිකානු ත්‍රාසය සපිරි අබිහස් ගණයට අයත් වන චිත්‍රපටයකි. 1997 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ David_Fincher. මෙහි රංගනයෙන් දායක වන්නේ සුප්‍රසිද්ධ චරිතාංග නළුවන් වෙන Michael Douglas හා Sean Penn යි. ඒවගේම මෙම චිත්‍රපටයේ සියලු බරපැන දරා ඇත්තේ Propaganda Films හා PolyGram Filmed Entertainment යන ආයතන මගිනුයි.
මෙම චිත්‍රපටය ඉතා ධනවත් බැංකු හිමිකරුවෙකුට, තම සහෝදරයා විසින් දෙනුලබන විශේෂ උපන්දින ත්‍යගයක් නිසා තම ජිවිතයේ සිදුවන අවිනිශ්චිත සිදුවීම් රැසක් හා බැදී පවතී. මෙම විශේෂ උපන්දින ත්‍යගය කිසියම් ක්‍රීඩාවක් හා සම්බන්ධ තොරතුරක් වන අතර එහි සදහන් වන්නේ Consumer Recreation Services (CRS) හෙවත් පරිබෝගිකයා සතුටුකිරීමට සේවා සපයන ආයතනයක් පිලිබදවයි.
විවිද වූ දුෂ්කර ක්‍රියා හා ත්‍රාසය සපිරි මෙම චිත්‍රපටය සදහා වියදම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 48 ක් වැයවී ඇත. ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 109.4කි.
IMDb - 7.8
Rotten Tomatoes - 73%